Best Linux OS for Beginners

මුලින්ම linux use කරන්න ගන්න කෙනෙක්ට එන ලොකුම අවුලක් තමයි , මං මොකක්ද use කරන්න ගන්න distro එක කියල. අයි ඉතින් හැටහුටමාරක් distro තියෙනේ එක එක විදිහේ.? මුලින් හරි os එකක් තෝරාගත්තේ නෙත්තම් linux එපාවෙනත් පුළුවන්.  හරි එහෙනම් බලමු මට click වෙන distro ටික.(මේකේ ලියන්නේ මට සාපේක්‍ෂව ඒ හින්ද සමහර විට ඔයාගේ top list එක මීට වැඩ වෙනස් වෙන්න පුළුවන්.)

1) LInux mint

Linux mint තමයි මට හොදටම අල්ලලා ගිය os එක.☺️ Linux mint වල Cinnamon, MATE හා Xfce යනුවෙන් distro 3ක් තියෙනව.

මං linux mint Cinnamon හා MATE distro 2කම use කරල තියෙනවා. ඒකෙනුත් අවුරුදු 2ක් විතර use කරේ linux mint Cinnamon එක.කියන්න තරම් අවුලක්නම් වෙලා නෑ.

Ram usage එකනම් ටිකක් තියේ (750MB -800MB වගේ )

    • ubuntu base කරන් හදපු os එකක් නිසා software support එක හොදට තියෙනවා.
    • මොකක් හරි ප්‍රශ්නයක් අවොත් community support එක හොදට තියෙනවා.
  • terminal එක වැඩිය use නොකර software manager එකෙන් ලේසියෙන්ම software install කරගන්න පුළුවන්.

මං හිතන විදිහට windows use කරපු  linux වලට අළුත් කෙනෙක්ට කියපු os එක තමයි linux mint කියන්නේ.?

(Linux mint download කරන්න මෙතනින් යන්න.)  

 
2) Ubuntu MATE

Linux mint වලින් පස්සේ මට හොදටම set වුන os එක Ubuntu MATE කියන්නේ.දැනටත් මං use කරන්නේ ඒක. Windows users ලට  හරියන විදිහට customize කරන්න පුළුවන් වගේම mac users ලට හරියන විදිහට customize කරන්න පුළුවන් ලේසියෙන්ම. MATE desktop environment එකත්  linux mint team එකෙන්ම හදපු එකක්.

Ram usage එක Cinnamon එකට වඩා ටිකක් අඩුයි.(650MB -700MB)

    • Ubuntu base (ubuntu MATE desktop environment එක)  නිසා ubuntu software සේරම වගේ support
    • Ubuntu community එක වගේම MATE community එකත් තියෙන නිසා හොද community support එකත් තියෙනවා.
  • Default එන software manager(software Boutique) එකේනම් වැඩිය software නැතිවුනත් එකෙන්ම gnome software manager එකයි synaptic package manager එකයි install කරන්න පුළුවන්.

මට හිතෙන විදිහට නම් laptop වලට හොදටම ගෙලපෙන්නේ මේක.(linux mint වලින් පස්සේ ?)

(Ubuntu MATE download කරන්න මෙතනින් යන්න.)

3) Deepin OS

Deepin os එක 3 වෙනි තැන තියෙන්න හේතුවෙන්නේ මුල් os 2ට වඩා users ල අඩු නිසයි.නැත්තමි deepin os එකත් සැහෙන්න හොද os එකක්.මේක chinese os එකක් ඒ නිස්මද කොහෙද මේකෙත් Windows users ලට  හරියන විදිහට වගේම mac users ලටත් හරියන විදිහට customize කරන්න ලේසියෙන්ම පුළුවන්.කලින් os 2ටම වඩා ලස්සන පෙනුමක් තියේ. transparent mode සහ normal mode යනුවෙන් mode 2ක් තියනවා. 

Ram usage එක mode ටිකක් වලදී වෙනස් වෙනවා (600MB -800MB)

    • Debian base කරන් හදපු os එකක් (deb package support)
    • Deepin Software Center එකනම් සුපිරි සැහෙන්න හොදයි.
  • Deepin community support එකත් හොදයි

වැඩි කාලයක් use කරලා නැතිනිසා ලොකු විස්තරයක් කියන්න බෑ sure කරලා හැබැයි කිසි අවුලක්නම් අවේ නැ.

(Deepin os download කරන්න මෙතනින් යන්න.)  

4) Ubuntu

පහලින් තිබ්බට මන් මුලින්ම use කරේ ubuntu.අවුරුද්දක් වගේ use කරලා තියෙයි. 4 වෙනි තැනට ඉන්න හේතුවෙන්නේ gnome desktop environment සහ මුල් os 2ක් ubuntu base කරන් හදපු ඒවා නිසා තම ඉතිං ?

Ram usage එකනම් ටිකක් වැඩි (900MB – 1.1GB )

    • Debian base කරන් හදපු os එකක්
    • Ubuntu Software Center එක සැහෙන්න හොදයි.
  • community support හොදටම තියෙන්නේ ඉතින් ubuntu වලට එකට හේතුව විශාලතම community එක තියෙන්නේ ubuntu වලට නිසා.

Linux වලට අලුත්ම කෙනෙක්ට එකපාරක් හරි try කරලා බලන්න ඕනි os එකක්. community support එකත් හොදටම තියේ අනික 99.99% ප්‍රශ්න වලට උත්තර ටග් ගල හොයාගන්න පුළුවන්.

(Ubuntu download කරන්න මෙතනින් යන්න.)

5) Manjaro OS

මේක list එකේ 5ට තිබ්බට update කරද්දිනම් ටිකක් අවුල්යන්න පුළුවන්.list එකේ තියෙන os වලින් හොදටම customize කරන්න පුළුවන් os එක.Manjaro වලත් Xfce,KDE හා Gnome  යනුවෙන් distro 3ක් තියෙනව.

    • Arch linux base කරන් හදපු os එකක්.
    • Software Center එක නියමයි මං දැකපු හොදම Software Center එක කිව්වත් වරදක් නැ. නැති දෙයක් නැති තරම්.
  • Arch linux base කරන් හදමු එකක් නිසා arch community support එක වගේම Manjaro community support එකත් සුපිරියටම තියෙනවා. Archwiki එකෙත් නැතිදෙයක් නැතිතරම්. 99.999%ක් ප්‍රශ්න වලට උත්තර එකෙන් හොයාගන්න පුළුවන්. හැබැයි කියවන්න ඕනි ඉතින් ?

මම නම් use කරේ Manjaro Xfce එක.(ටික කාලයයි) කියන්න තරම් අවුලක් නම් ආවේ නම් නැ.

(Manjaro download කරන්න මෙතනින් යන්න.)

මේ 5ට අමතරව zorin os,fedora, elementary os, Kubuntu, lubuntu, xubuntu, linux lite වගේ ගොඩක් හොද os තියෙනවා. කලිනුත් කිව්වා වගේ මේක මට හිතෙන best ම os 5. ඔයාට සෙට් වෙන්නේ වෙනම එකක් වෙන්න පුළුවන්. කොයි  distro එක use කරත් How to කියල google එකේ search කරන්න දන්නවනම් කොයිකවුනත් අමාරුවක් නැ.

පොඩි දෙයක් බලන්න ඕනි අලුතින් linux use කරන කෙනෙක්නම්, software support එකයි community support එකයි හොදට තියේයි නම් ප්‍රශ්න අඩුයි.?

Share This