Linux server එකක් අරන් email server එකක් setup කරන්න කලින් මුලින්ම බලන්න ඕනි දෙයක් තමයි email වලට අදාල port 25 open ද කියල බලන එක. මේ ලිපියෙන් බලමු එක කරන විදිහ.
මුලින්ම Telnet Install කරන්න ඕනි. (සාමාන්‍යයෙන් VPS එකක් ගනිද්දි telnet install කරලයි එන්නේ)
For CentOS (RHEL/AlmaLinux/Rocky)
yum install telnet
For Debian/ Ubuntu
apt install telnet
දැන් port 25 Open ද කියල check කරන්න තියෙන්නේ එකට පහල තියෙන command එක ගහන්න.
telnet alt2.aspmx.l.google.com smtp
- command එක run කරට පස්සේ port 25 Open නම් පහල image එකේ විදිහට පෙන්නනවා.
මෙතනින් exit වෙන්න නම් CTRL + ] ඔබන්න.
telnet එකෙන් exit වෙන්න close කියල type කරලා Enter එක ඔබන්න.
- command එක run කරට පස්සේ port 25 Open නැත්නම් පහල image එකේ විදිහට පෙන්නනවා.
මෙතනින් exit වෙන්න නම් CTRL + C ඔබන්න.
මේක short blog ලිපියක්. ඒ නිසා ගොඩක් විස්තර ඇතුව මේකෙදි කතා කරන්නේ නෑ.
තවත් මේ වගේ short blog ලිපියකින් හම්බෙමු. 😊