How to install java on Ubuntu 16.04

මේක ලියන්න හේතුවුනේ මීට ටික කාලෙකට කලින් අපිට සිද්දවුන අත්දැකීමක් නිසා.

අපි java web base system එකක් හැදුව කියමුකෝ. දැන් මේක host කරන්න එපැයි. දන්නා අදුරන windows server එකක් ගත්තොත් ඇඩේනව ගැන සැරයිනේ ඉතින් ගත්ත ubuntu server එකක්.

දැන් ඉතින් java install කරන් tomcat දාල sql install කරන් වැඩේ කොරන්න එපැයි. දැන් කියන්නේ java install කරපු හැටි.

මුලින්ම update කරන්න.

sudo apt update

දැන් තියෙන්නේ java install කරන්න.

Ubuntu 16.04 එකට එන default java version එක install කරනව නම්.

sudo apt-get install default-jre
sudo apt-get install default-jdk
default java version එක නැතුව java install කරනව නම්.
java 7

sudo add-apt-repository ppa:openjdk-r/ppa 
sudo apt update 
sudo apt install openjdk-7-jdk

java 8

sudo apt install openjdk-8-jdk
java 9
sudo apt install openjdk-9-jdk

මේක වැඩකරේ නැත්නම්

sudo apt-get -o Dpkg::Options::="--force-overwrite" install openjdk-9-jdk

install කරපු java version එක remove කරන්න ඕනිනම්

sudo apt-get purge openjdk*

tomcat install කරන හැටි තවත් ලිපියකින් දාන්නම්

Share This